හිටපු මන්ත්‍රී සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු මන්ත්‍රී සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු මන්ත්‍රී සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Staff writer

27 Feb, 2020 | 4:15 pm

COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළේ ය.

ඒ විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපැම් කරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ වසර 5 ක කාලය තුළ රුපියල් කෝටි 30 කට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]