by Staff writer 27-02-2020 | 9:40 PM
COLOMBO (News 1st) - තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතදි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් පාසල් සිසුවියක් ජිවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඌව - කුඩාඔය, කිතුල් කොටේ මහාවිද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගනුම සංජනා නෙතුමිණි නැමැති දැරියකි.
ඌව-කුඩාඔය,පතන යාය ප්‍රදේශයේ පදිංචි කුඩා නෙතුමිණි මව පමණක් සිටින, පවුලේ එකම දැරියයි.
දැරිය මෙම අනතුරුට මුහුණ දුන්නේ තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය අලියගහ කන්ද ප්‍රදේශයේ දි සංචාරකයින් රැගත් බස් රථයක ගැටිමෙනි.
දැරිගේ යෙහෙළියක් මෙම මාරක අද්දැකිමට මුහුණ දුන් නමුත් ඇයට අනතුරින් කිසිඳු හානියක් නොමැත.
දැරිය අනතුරට ලක් කළ බස් රථය මේ වනවිට තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නමුත් සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවට චොදනා කරමින් තණමල්විල - වැල්ලවාය මාර්ගය, කුඩාඔය අලියගහ කන්ද ප්‍රදේශයෙන් හරස් කරමින් ප්‍රදේශවාසීන් විරොධතාවයේ නිරත වුණේය.
අනතුරුව තණමල්විල පොලීසියේ නිලධාරියකු පැමිණ පරික්ෂණ සාදාරණව සිදු කරන බවට දුන් පොරොන්දුවත් සමග පිරිස් විසිර ගියාය.