by Staff writer 27-02-2020 | 10:36 PM
COLOMBO (News 1st) : අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේදී ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා නිතරගයෙන් තේරී පත්විය.
නීතිඥ රජීව් අමරසුරිය මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා අද තේරී පත් විය.
එහිදී රජීව් අමරසුරිය මහතා ඡන්ද 3575 ක් ලබාගත් අතර ලේකම් ධුරයට ඉදිරිපත් වු නීතිඥ දිනූ ධර්මරත්න මහතා ලබාගත්තේ ඡන්ද 747 ක් පමණි.