by Staff writer 27-02-2020 | 9:53 PM
COLOMBO ( News 1st) - මෙතෙක් නිසි ලෙස කිසිවෙකුට දඬුවම් නොලැබුණු ශ්‍රී ලංකාවේ විශාලතම මුළ්‍ය දුෂණය වන මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී අදට වසර 05ක් සම්පූර්ණ වේ.
2015 පෙබරවාරි 27 වන දින නිසි ක්‍රියාදාමයෙන් සහ උපායමාර්ගයන්ගෙන් බැහැරව ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ
විශාලතම මූල්‍ය වංචාව සිදුවිය.
මෙම බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශ්වයන් වන්නේ, මේ වන විට රටින් පළාගොස් සිටින හිටපු මහ බැංකු අධිපති
අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස්, පර්පචුවල්
ට්‍රෙෂරීස් සමාගම ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අයයි.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ඇතුළු තවත්
බොහෝ දෙනෙක් මෙම වංචාවට සම්බන්ධ බවට හා මුදල් ගෙන ඇති බවට චෝදනා එල්ල කෙරුණි.
මීට වසර පහකට පෙර අද වැනි දිනක ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියනයක බැදුම්කර සඳහා ලංසු ඉදිරිපත් කළේය.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රුපියල් බිලියනයක් දක්වා වූ බැඳුම්කර නිකුත් කිරීමේ තීරණය වෙනස්කර
රුපියල් බිලියන 10 දක්වා වූ ලන්සු භාරගැනීමට තීරණය කළේය.
එම බිලියන 10ක බැදුම්කරවලින් විශාල කොටසක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට හිමිවිය.
ඉන් කොටසක් ලබාගෙන ඇත්තේ ඉතාමත් ඉහළ පොලී අනුපාතයකටයි.
වසර දෙකක් පුරා බොහෝ පාර්ශව මෙය සාධාරණීකරණයට ලක්කළ අතර 2016 මාර්තු මාසයේදී දෙවැනි බැඳුම්කර
ගනුදෙනුව සිදුවිය.
2016 දී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රමුඛ කෝප් කමිටුවෙන් හෙළිදරව් වුයේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු බවයි.
එහෙත් එවක රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය.
2017 වසරේදී එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කොමිසමේදී අර්ජුන
මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, කසුන් පාලිසේන, පර්පෙචුවල් ටෙෂරීස් සමාගම, ශ්‍රීලංකා මහබැංකුව සහ සේවක
අර්ථසාධක අරමුදලේ ඇතැම් නිලධාරීන් මහබැංකු බැදුම්කර වංචාවට සෘජුවම වගකිව යුතු බව එළිදරව් කෙරුණි.
අර්ජුන ඇලෝසියස් හා කසුන් පාලිසේන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කෙරුණේ ඒ අනුවයි.
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තවදුරටත් විදෙස් රටක සැගවී සිටින්නේ ඔහු උදර්පණය කිරීමේ පියවර රාශියක්
ද ගෙන ඇති පසුබිමකයි.
මෙම වංචාව සිදුකළ අවස්ථාවේ අනුමාන කළ පාඩුව රුපියල් මිලියන 600කට අධිකය.
මෙය ඉදිරි වසර 30කට අධික කාලයක් මෙරට ජනතාවට අහිතකර ලෙස බලපානු ඇති බව ආර්ථික විශේෂඥයින් අනුමාන
කරයි.