ශ්‍රී ලංකාව UNHRC 30/1 සහ 40/1 ඉවත් වෙයි

ශ්‍රී ලංකාව UNHRC 30/1 සහ 40/1 ඉවත් වන බව දැනුම් දෙයි

by Staff writer 26-02-2020 | 3:07 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමිනි. 30/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බව අමාත්‍යවරයා කියා සිටියේ ය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සඳහන් කළේ, සමඅනුග්‍රහය දැක්වීම තුළින් පසුගිය රජය ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම උල්ලංඝනය කර ඇති බවයි. ඊට කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.   https://www.youtube.com/watch?v=AA2A5kZGiYA