රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට

by Staff writer 26-02-2020 | 9:41 AM

COLOMBO (News 1st) - අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට අයැදුම්පත් ඉදිරිපත් කළ අයැදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ වේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබන 29 වැනි දා දක්වා එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි. ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහුකාර්ය බලකාය හරහා මෙම පිරිස රාජ්‍ය සේවයට බඳවා ගැණෙනු ඇති. මේ සඳහා අයැදුම්පත් ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.