මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව ඉහළට

මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව 271,789 කින් ඉහළට

by Staff writer 26-02-2020 | 7:16 AM

COLOMBO (News 1st) - මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව 271,789 කින් වැඩි වී තිබේ.

ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහක් බවයි. එය 2018 වසරේ පැවතියේ එක් කෝටි පනස්නම ලක්ෂ අනුහයක් ලෙසයි. මෙවර ද මෙරට වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය බවට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. එහි ඡන්ද දායකයින් සංඛ්‍යව 1785964 කි. මෙරට අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 287,024 ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 10 - 9 දක්වා අඩු වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 - 9 දක්වා වැඩි වී තිබේ.