දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

by Staff writer 26-02-2020 | 7:09 AM

COLOMBO (News 1st) - දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ, එළඹෙන මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පස්වරු 2.00 ට පැවැත්වෙන සාකච්ඡාවේදී මැතිවරණයේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීමට ද නියමිතයි. මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.