ජා-ඇලට ජල සැපයුම අත්හිටුවයි

ජා-ඇල ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

by Staff writer 26-02-2020 | 7:55 AM

COLOMBO (News 1st) - ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ, කැලණිය ප්‍රදේශයේ නල පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනි. මීට අමතරව එම කාලය තුළ ඒකල, කඳාන ආනියාකන්ද, බටගම, කුඩාවැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාවාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, බෝපිටිය යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.