ගුරු විරෝධතාවෙන් 174 බස් මාර්ගය අවහිර වෙයි

ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් කටයුතුවලට බාධා

by Staff writer 26-02-2020 | 11:19 AM

COLOMBO (News 1st) - ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හමුවේ පාසල් කටයුතුවලට බාධා මතු ව තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ළමුන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ඇති බවයි. දිවයිනේ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අඩාලවී ඇති බව අප වාර්තාකරුවන් පැවසීය. මේ අතර ගුරු - විදුහල්පති වෘත්තිය සමිති මේ වනවිට බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක නිරත වනු ඇත. පොලීසිය පැවසුවේ, මේ හේතුවෙන් පැලවත්ත අසළින් 174 බස් මාර්ගය අවහිර වී ඇති බවයි. ගුරු විදුහල්පති මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.