කොරෝනා හේතුවෙන් කොටස් වෙළෙඳපොළ අගය පහළට

කොරෝනා හේතුවෙන් කොටස් වෙළෙඳපොළ අගය තව ත් පහළට

by Staff writer 26-02-2020 | 12:58 PM

News 1st - කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හමුවේ ලෝකයේ කොටස් වෙළෙඳපොළ රැසක කොටස් අගය තවදුරටත් පහතවැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන 2700 ඉක්මවා තිබෙන බවයි. කොරෝනා වෛරසයෙන් ගෝලීය ආර්ථිකයට සිදු වූ බලපෑම මේ වසරේ ප්‍රථම භාගය තෙක් බලපවත්වනු ඇතැයි ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙති.