ඉල්ලීම් කිහිපයක් නිසා ගුරුවරු අද ලෙඩ නිවාඩු

ඉල්ලීම් කිහිපයක් නිසා ගුරුවරු අද ලෙඩ නිවාඩු

by Staff writer 26-02-2020 | 6:55 AM

COLOMBO (News 1st) - අතුරු වැටුප් දීමනාව ලබා දෙන්නැයි ඉල්ලමින් අද දිනයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, වෘත්තිය සමිති 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, වෘත්තිය සමිතිවල ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් පසුව සලකා බලන බවයි.