by Staff writer 26-02-2020 | 10:34 AM
News 1st - 'මලන්ග්' බොලිවුඩ් චිත්‍රපටය මේ දිනවල ආදායම් බිඳ හෙළමින් තිරගත වේ.
දිශා පටානි, ආදිත්‍ය රෝයි කපූර්, අනිල් කපූර් සහ කුනාල් කේමු ප්‍රධාන චරිත සඳහා දායකත්වය දක්වන මෙය ප්‍රේමය සහ ත්‍රාසය මුසු සිනමා නිර්මාණයකි.
මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 56 ඉක්මවා ආදායම් උපයා ඇති මලන්ග්, මේ වසරේ ඉන්දීයාවේ රුපියල් කෝටි 50 සීමාව ඉක්මවා ආදායම් ඉපැයූ තෙවන බොලිවුඩ් චිත්‍රපටය ලෙස සඳහන් ය.
මලන්ග්, මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයක් වන අතර එය ප්‍රේක්ෂකයන් පමණක් නොව විචාරකයන්ගේ ද පැසසුමට ලක්විය.