Update: රාජගිරිය ගින්නට හේතුව මත්පැන් බැරල්ද?

Update: රාජගිරිය වගුරු බිමේ ගින්නට හේතුව නීතිවිරෝධි මත්පැන් බැරල්ද?

by Staff writer 25-02-2020 | 4:50 PM

COLOMBO (News 1st): රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවත ආශ්‍රිතව වගුරුබිමේ ගින්නක් හටගත් ප්‍රදේශයේ ඡායාරූප සහ දර්ශන තුළින් බැරල් කිහිපයක් දැකගන්නට ලැබුණි.

මෙම වගුරු බිමේ ගින්නට හේතුව නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් ද යන්න පිළිබඳව මේ වනවිට සැක මතුව තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට පිටත්කර යවා තිබේ. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ, ගින්න නීවිම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් පිටත් කර යවා ඇති බවයි. වගුරුබිම් ප්‍රදේශයක් හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීමේ දුෂ්කරතාවක් ඇතැයි ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ ය.