හොරණදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

හොරණදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

by Staff writer 25-02-2020 | 6:22 AM
COLOMBO (News1st) : හොරණ, රත්නපුර මාර්ගයේ ඉලිඹ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.40 ට පමණ යතුරු පැදියකින් පැමිණී පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ඉලිඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.