හොරණ වෙඩික්කරු සොයා පෙලිස් කණ්ඩායම් 3ක්

හොරණ වෙඩික්කරු සොයා පෙලිස් කණ්ඩායම් 3ක්

by Staff writer 25-02-2020 | 1:17 PM
COLOMBO (News 1st) : හොරණ ඉළිඹ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. ඊයේ රාත්‍රී 9.30 ට පමණ හොරණ ඉළිඹ -කඳන මාර්ගයේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුට යතුර පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. එලෙස ඝාතනයට ලක්වූයේ හොරණ ඉළිඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නොමැති බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට පෙර එම මාර්ගයේම කිලෝමීටරයක් දුරින් නවතා තිබූ ත්‍රිරෙද රථයකට හා ඒ අසල නිවසකට ද යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇතැයි, පොලීසිය පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/213859796420324/