හෙරොයින් කිලෝ 4ක් සමග 6ක් පොලිස් දැලේ

හෙරොයින් කිලෝ 4ක් පොලිස් භාරයට: සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයිනුත්

by Staff writer 25-02-2020 | 7:54 AM
COLOMBO (News 1st) : දෙහිවල හා මහරගම ප්‍රදේශයේ කළ වැටලීම්වලින් සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 6 කට ආසන්න බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. වැටලීමෙන් සොයා ගැනුණ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 කි. පොලීසිය පැවසුවේ, අදාළ හෙරොයින් තොගය සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙක් ද වෙති. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙහිවල ප්‍රදේශයේ ලැගුම් හලකදීයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් නුගේගොඩ පැගිරිවත්ත, පානදුර පිංවත්ත, මහරගම ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන් ය. දින 6 ක රැඳවුම් නියෝග මග සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය. සැකකරුවන් භාවිත කළ මෝටර් රථ දෙකක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබේ.