සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ දෙදෙනා කොටු

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ දෙදෙනා ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට

by Staff writer 25-02-2020 | 10:39 PM

COLOMBO ( News 1st )  - ගම්පහ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 44 ක් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ දෙදෙනා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ වැටලීමකිනි. උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ සැකකරුවන් සමග ටී 56 ගිනි අවියක් හා සෙල්ලම් පිස්තෝලයක් ද සිය භාරයට ගත් බවයි.