සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අද

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අද

by Staff writer 25-02-2020 | 11:57 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අද පැවැත්වේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් ද සහභාගී වන බවයි. නිදහස් පක්ෂය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සියලු හවුල්කාර පක්ෂවල සියලු විධායක සභා සාමාජිකයින්ට මේ සඳහා ආරාධනා කර ඇති බව සඳහන් ය. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට තවත් පක්ෂ එක්කර ගැනීම සඳහා විධායක සභාවේ අනුමැතිය ලබාගැනීම අද පැවැත්වෙන රැස්වීමේ මූලික අරමුණකි. මීට අමතරව ඉදිරි මැතිවරණය පිළිබඳව ද විධායක සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ය.