වෙස්ට් හැම් යුනයිටඩ් පැරදූ ලිවර්පූල් කණ්ඩායම

වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම පරදා ලිවර්පූල් කණ්ඩායම ජය ගනී

by Staff writer 25-02-2020 | 11:40 AM

COLOMBO ( News 1st ) - එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම සමත් විය.

තරගය ලිවර්පූල් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදීයී පැවැත්විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු ගෝලය වාර්ථා කිරීමට ලිවර්පූල් කණ්ඩායම සමත් වුනේ තරගයේ 9 වන මිනිත්තුවේදීය. ප්‍රතිවාදී වෙස්ට් හැම් යුනයිටඩ් ක්‍රීඩකයින් තරගයේ 12 වන මිනිත්තුවේදී සිය කණ්ඩායමට පලමු ගෝලය එක්කර ගත්තේය. ඒ අනුව, තරගයේ පළමු අර්ධය නිමාවට පත්වුනේ ගෝල 1 ට 1 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවෙමිනි. තරගයේ දෙවැනි අර්ධයේදී කන්ඩායම් දෙකේම දක්ෂතා කැපී පෙනුනි. වෙස්ට් හැම් ක්‍රීඩකයින් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය එක්කර ගත්තේ තරගයේ 54 වන මිනිත්තුවේදීය. තරගයේ 68 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ලිවර්පූල් ක්‍රීඩකයින් සිය දෙවැනි ගෝලය වාර්ථා කළේය. ජයග්‍රහණය දෙපිල අතරම දෝලනය වෙමින් පැවැති මොහොතක ක්‍රියාත්මක වූ ලිවර්පූල් ක්‍රීඩකයින් සිය කන්ඩායමට ජයග්‍රාහී ගෝලය එක්කර ගත්තේ තරගයේ 81 වන මිනිත්තුවේදීය. ඒ අනුව, තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 3 ට 2 ක් ලෙස තරගය ජය ගැනීමට ලිවර්පූල් ක්‍රීඩකයින් සමත් විය.