වැඩි මිලට ළූණු විකුණන වෙළෙඳු සොයා මෙහෙයුම්

වැඩි මිලට ළූණු විකුණන වෙළෙඳු සොයා මෙහෙයුම්

by Staff writer 25-02-2020 | 12:46 PM
COLOMBO (News 1st) : උපරිම සිල්ලර මිල ඉක්මවා ලොකු ළූණු අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි විමර්ශන අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, නීති කඩකරන වෙළඳුන්ට දැඩි පියවර ගන්නා බවයි. මේ වන විට කොළඹ මැනිං වෙළදපොළේ ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් ලෙස සටහන් වන බව ද, ඔහු සඳහන් කළේ ය. ආනයනික ලොකු ළුණු සඳහා පසුගිය 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් පනවනු ලැබූ අතර ඒ අනුව ආනයනික ලොකු ළුණු කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 190කි.