පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

by Staff writer 25-02-2020 | 5:16 PM

COLOMBO ( News 1st ) - නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව, කොළඹ දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල මහතා පත් කෙරිණි. ස්ථාන මාරු අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ චම්පික සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථාන දිසාවට මාරු කර තිබේ. වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙක්,පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරුන් 16 දෙනෙකු ස්ථාන මාරුවීම් ලැබී ඇති පොලිස් නිලධාරීන් වේ.