ජා-ඇලට පැය 18ක ජල කප්පාදුවක්

ජා-ඇලට පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 25-02-2020 | 2:09 PM
COLOMBO (News 1st) : ජා - ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 3.00 දක්වා ජා- ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශ, ඡා- ඇල, ඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මා-එළිය , කෙරවලපිටිය , මාටාගොඩ ,වැලිසර , මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඹ්විට , උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. කැලණිය ප්‍රදේශයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.