කාන්තා අයිතිවාසිකම් ගැන UNHRC සැසියේ අවධානයට

කාන්තා අයිතිවාසිකම් ගැන UNHRC සැසියේ අවධානයට

by Staff writer 25-02-2020 | 9:30 PM

COLOMBO ( News 1st ) - දින 26 ක් පුරා ස්ව්ට්සර්ලනත්යේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේ දෙවැනි දිනය අදයි.

කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අද පැවැති සැසිවාරයේදී ලෝක නායකයින්ගේ අවධානය යොමු විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 43 වැනි සැසිවාරය පැවැත්වෙන්නේ රටවල් 180 කට අධික ප්‍රමාණයක රාජ්‍ය නායකයින් , විදේශීය අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ය. කාන්තා අයිතිවාසිකම් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් විකල්පයක් ලෙස භාවිත නොකළ යුතු බව අද පැවැති සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචලේ බැචලෙට් මහත්මිය අවධාරණය කළා ය. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 43 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවරට ළඟා විය. විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා නිවුස් ෆස්ට් කළ විමසීමකදී කියා සිටියේ විදේශ අමාත්‍යවරයා ස්ව්ට්සර්ලන්ත වේලාවෙන් හෙට පෙරවරු 10ට සැසිවාරය ඇමතීමට නියමිත බවයි.