හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වෙයි

ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 25-02-2020 | 10:11 PM

( News 1 st ) -  ජන අරගලයකින් බලයෙන් පහ කළ ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක් අද අභාවප්‍රාප්ත විය.

මොහොමඩ් හොස්නි සයිඩ් මුබාරක් ඊජිප්තුවේ ජනපති ධුරයට පත් වන්නේ 1981දී ය. දශක 03ක් එරට නායකත්වය හෙබ වූ ඔහුගේ පාලනය බිඳ වැටුණේ 2011 පෙබරවාරියේ අරාබි වසන්තයට සමගාමීව තරීර් චතුරස්‍රයට එක් වූ දැවැන්ත ජන සන්නිපාතය හමුවේ ය. පාලනය අහිමි වූ මුබාරක් දූෂණ වංචා මිනීමැරුම් ආදී චෝදනා මත සිරභාරයට ගත්තේ ය. ඇප මත මුදා හැරුණු හොස්නි මුබාරක් ජීවිතයේ අවසන් කාලය ගෙවා දැමුවේ පිළිකා රෝගියෙකු ලෙසිනි. කයිරෝ අගනුවර හමුදා රෝහලක රඳවා සිටියදී ඔහු මියයන විට 91 වෙනි පසු විය.