by Staff writer 25-02-2020 | 6:39 AM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී බස් රථ සේවාව අද සිට ආරම්භ වේ.
ඒ යටතේ , හම්බන්තොට - කොළඹ, තංගල්ල - කොළඹ සහ ඇඹිලිපිටිය - කොළඹ අතර බස් සේවා ආරම්භ වනු ඇති.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධීක්ෂණ නිලධාරි පණ්ඩුක ස්වර්ණ හංස මහතා පැවසුවේ, හම්බන්තොට කොළඹ අතර බස් ගාස්තුව රුපියල් 880 ක් වන බවයි.
තංගල්ල සිට කොළඹ දක්වා බස් ගාස්තුව රුපියල් 680කි.
මේ අතර නිත්‍යානුකූල ක්‍රමවේදයකට යටත්ව හම්බන්තොට කොළඹ දක්වා අධිවේගී බස් සේවාව සඳහා බස් රථ යොදවන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, සතියක් ඇතුළත අදාළ ක්‍රමවේදය සකස් කර, බස් රථ සම්බන්ධයෙන් ඉල්ලීම් ලබා ගන්නා බවයි.
එම ඉල්ලීම් සලකා බලා නිත්‍යනුකූල පාර්ශවයන්ට අධිවේගී බස් රථ සේවා සඳහා අවස්ථාව ලබා දෙන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.
මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගියදා විවෘත කළ මාතර-හම්බන්තොට කොටස ගමනාගමනය සඳහා විවෘත කෙරුණේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව කටුනායක සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
මේ අතර අධිවේගි මාර්ග ගාස්තු ද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරිණ.
ඒ අනුව කටුනායක සිට හම්බන්තොට දක්වා රෝද හතරකින් යුත් වාහන සඳහා රුපියල් 1000ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.
රෝද 6 කින් යුත් වාහන සඳහා කටුනායක සිට හම්බන්තොට දක්වා ගාස්තුව රුපියල් 1900කි.
අදාළ ගමනාන්තය දක්වා රෝද 6 කට වඩා වැඩි වාහන සඳහා රුපියල් 3150ක ගාස්තුවකට යටත්ව වන බව එම ගැසට් නිවේදයේ සඳහන් ය.