සජිත්ගෙන් නිදහස් පක්ෂයට ආරාධනාවක්

සමගි ජන බලවේගය සමග එකතුවන්න..! - සජිත්ගෙන් නිදහස් පක්ෂයට ආරාධනාවක්

by Staff writer 24-02-2020 | 11:31 AM

COLOMBO (News 1st) - තමන් නායකත්වය දෙන සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කළේ ය.

ඔහු එම ඇරයුම කරනු ලැබුවේ, මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.