වැලි අවුල තවදුරටත්

වැලි අවුල තවදුරටත්

by Staff writer 24-02-2020 | 10:06 PM

COLOMBO (News 1st) - අද පැවති විරෝධය අතරතුර ධීවර පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් අතර උණුසම් තත්ත්වයක් හට ගත්තේය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මීගමුව කාර්යාල භාර නිලධාරී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ හෙට දිනයේ සියළු පාර්ශව කැඳවා අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමට සාකච්ඡාවක් පවත්වන බවයි. මේ අතර, දිවුලපිටිය බටහිර පල්ලියපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වැලි කැණීමකට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ ගම්වාසින් විරෝධතාවයක නිරත වූහ. ඔවුන් පවසන්නේ වැලි කැණිම හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිදී යාමෙන් පානිය ජලය ලබා ගැනීමේ ගැටළුද මතු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය පැවසුවේ රජයේ අවසරය මත මෙම වැලි කැණිම සිදු කරන බවයි. කෙසේ වෙතත් මේවනවිට ප්‍රදේශයේ ජල ගැටලුවක් මතුව ඇති බව ද ඇය පැවසුවාය. මේ අතර, කන්තලේ සිරිමංගලපුර, වැලිමංකඩින් වන ජීවී අමාත්‍යවරයාගේ මැදිහත් විමෙන් 122 දෙනෙකු වැලි ගොඩ දැමීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිළමේ මහතා විරෝධය පළ කළේය. රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ගිය අවුරුද්දේ 160ක් සක්‍රිය කරල ඒවට නිසි අවසරයක් දෙන ගමන් තමයි තවත් 120ට මුදල් බදින්න කියල තිබුනේ. අලුතෙන් බලපත්‍රයක් ගන්න ලක්ෂ 4ක් දුන්න කියල ජනතාව කියනවා බ්‍රෝකර්ට, ජනාධිපතිතුමා විශේෂ පරීක්ෂණයක් කරන්න රහස් පොලිසිය ලව්ව විශාල මංකොල්ලයක්. මේ අතර, ත්‍රීකුණාමලය සෙම්බල්තෙට්ටි ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි 9 දෙනෙකු වැඩිදුර පරීක්ෂණ සදහා කින්නියා පොලිසියට විසින් නාවික හමුදාව භාරයට දෙනු ලැබ තිබේ.