වසන්ත කරන්නාගොඩට 4 වන වරටත් සිතාසි

වසන්ත කරන්නාගොඩට 4 වන වරටත් සිතාසි

by Staff writer 24-02-2020 | 2:13 PM

COLOMBO (News 1st) - දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම භාරයට ගෙන ඇති තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කර මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළ ලේඛන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එන ලෙස අද නියෝග කර තිබේ.

ඒ, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදීය. අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ, එම නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පැවැති ලේඛන ජනපති විමර්ශන කොමිෂන් සභාව භාරයට ගෙන ඇති බවයි. මේ අතර අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය දැනුම් දෙනු ලැබුවේ නිවසේ නොමැති බැවින් 14 වන විත්තිකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සිතාසි භාරදීමට නොහැකි වූ බවයි. ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද 4 වන වරටත් අධිකරණය අද්මිරාල් කරන්නාගොඩ මහතාට සිතාසි නිකුත් කළේ ය.