සුඛෝපභෝගී බස් රථ 17 කට නඩු

ලියාපදිංචිනොකර ධාවනයේ යෙදවූ සුඛෝපභෝගී බස් රථ 17 කට නඩු

by Staff writer 24-02-2020 | 4:00 PM

COLOMBO ( News 1st ) - ජාතික ප්‍රවාහන කොමිසන් සභාවේ ලියාපදිංචි නොකර දුරගමන් සේවාවන්හි යෙදවූ සුඛෝපභෝගී බස් රථ 17 කට නඩු පවරා තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම බස් රථ උතුරු නැගෙනහිර පළාත්වල ධාවනය සඳහා යොදවා තිබු බවයි. කොළඹ, වැල්ලවත්ත, දෙමටගොඩ ප්‍රදේශවල සිට එම බස් රථ රාත්‍රී කාලයේ ධාවනය සඳහා යොදවා තිබේ. එම බස් රථ මගීන්ගෙන් අධික මුදලක් අයකර ඇති බව ද අනාවරණ වී ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් ස්ථාන කිහිපයක කරන ලද වැටලීම්වලින් එම බස් රථ නීතියේ රැහැනට හසුකර ගනු ලැබ තිබේ.