පිළියන්දල රසායනික ද්‍රව්‍ය අළෙවි සැලක ගින්නක්

පිළියන්දල රසායනික ද්‍රව්‍ය අළෙවි සැලක ගින්නක්

by Staff writer 24-02-2020 | 10:14 AM

COLOMBO (News 1st) - පිළියන්දල, වෑවල ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අළෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ දෙකක් පිටත්කර යවා ඇති බවයි. ඊට අමතරව ගින්න නිවා දැමීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් ද සේවා රථ 2 ක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.