රථවාහන පාලනයට යුද හමුදා පොලීසියේ සහය

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන පාලනයට යුද හමුදා පොලීසියේ සහය

by Staff writer 24-02-2020 | 5:44 PM

COLOMBO ( News 1st ) - කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන පාලනය සඳහා පොලීසියේ සහයට අද සිට යුද හමුදා පොලිස් සේවා බලකාය යොදවා තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි. ඒ අනුව උදෑසන 6.00 ත් 10.00 ත් අතර කාලය තුළ හා පස්වරු 4.00 ත් 7.00 ත් අතර කාර්ය බහුල වේලාවන්හිදී රථවාහන තදබදය පාලනය කිරීම සඳහා යුද හමුදා පොලීසිය රථවාහන පොලිස් නිලධාරීන්ට සහය ලබා දෙයි.