ඕමන්තේ රිය අනතුරින් 5ක් මරුට

ඕමන්තේ රිය අනතුරින් මිය ගිය ගණන 5 ක් දක්වා ඉහළට

by Staff writer 24-02-2020 | 7:52 AM

COLOMBO (News 1st) - වව්නියාව - යාපනය මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී බස් රථයක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරින් මිය ගිය පුද්ගලයින් ගණන 5 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 25 දෙනෙකු මේ වනවිට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔවුන් අතරින් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. අනතුරින් පසු බස් රථය සහ ජීප් රථය සම්පූර්ණයෙන් ගිනි ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය විමර්ශය සඳහා එම ස්ථානයට අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හෙවත් සොකෝ පොලිස් කණ්ඩායම් යොමු කළ බවයි.