COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය අද දින ආරම්භ විය.
ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත්වීමේ තීරණය මෙවර සැසිවාරයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනුම්දීමට නියමිතව තිබේ.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂ්ට්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා
මානව හිමිකම් වලට සෑම තැනකම අභියෝග තියනවා, එයට අභියෝගයක් නොමැති රටක් නැහැ, යුද්ධ සහ ජාවාරම් වලින් බිලියන ගණනක මිනිස්සු පීඩා විඳිනවා, ලෝකය පුරාම ජනමාධ්‍යවේදීන් ඝාතනය වෙනවා, කුසගින්න එන්න එන්නම ඉහළ යනවා, අපිට මිනිස්සුන්ව මග ඇරිලා, බෙඳුම්වාදය සහ බිය වැඩිවෙනවා. නීතීයේ අධිපත්‍ය ටිකෙන් ටික බිඳවැටෙමින් පවතිනවා, අන්තර්ජාතික මානව හිමිකම් සබඳතාවල මුලිකාංගයක් තමයි ස්වාධිපත්‍ය, ඒ ස්වාධිපත්‍ය මුවාවෙන් මානව හිමිකම් උල්ලංඝණය වෙන්න බැහැ, මානව හිමිකම් සහ රටක ස්වාධිපත්‍ය එකිනෙක බැඳී තිබෙනවා,
ලබන බදාදා ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් මෙවර සැසිවාරයට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දකවමින් සම්මත කළ 30/1 සහ 40/1 යන යෝජනාවලින් ඉවත්වීම පිළිබඳව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා බදාදා මානව හිමිකම් කවුන්සිලය අමතා ප්‍රකාශයක් කරනු ඇති.