මලයාසියානු අගමැති මහතීර් මොහොමඩ් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කෙරේ

මලයාසියානු අගමැති මහතීර් මොහොමඩ් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කෙරේ

මලයාසියානු අගමැති මහතීර් මොහොමඩ් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කෙරේ

කර්තෘ Staff writer

24 Feb, 2020 | 2:18 pm

COLOMBO (News 1st): සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් අද නිවේදනය කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ මෙම තීරණය නව රජයක් පිහිටුවීමට මග පාදනු ඇති බව ය .

මහතීර් මොහොමඩ්ගේ පක්ෂය, ඔහුගෙන් පසුව නායකත්වයට පත්වීමට නියමිත වූ අන්වර් ඊබ්‍රාහිම්ගෙන් තොරව නව රජයක් පිහිටුවීමට සූදානම්වන බවට වාර්තාවන පසුබිමකදී ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්විය.

2018 වසරේදී මහතීර් මොහොමඩ්, අන්වර් ඊබ්‍රාහිම් සමග එක්ව මැතිවරණයෙන් ජයගත්තේ එවකට මලයාසියානු අග්‍රාමාත්‍යවරයා වූ නජීබ් රසාක් ධූරයෙන් නෙරපා දමමිනි.

කෙසේ වෙතත් පොරොන්දු ප්‍රකාරව අන්වර් ඊබ්‍රාහිම් නායකත්වයට පත් කිරීමට මහතීර් මොහොමඩ් පැකිළීම, දෙදෙනා අතර නොසන්සුන්තා හටගැනීමට හේතුවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]