පොලීසියේ දෙදෙනෙකුට පහරදුන් සැකකරුවෙකු දැලේ

පොලීසියේ දෙදෙනෙකුට මුගුරකින් පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 24-02-2020 | 5:59 PM

COLOMBO ( News 1st )  -  ගිනිගත්හේන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම සැකකරු අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට මුගුරකින් පහරදී ඇති බව ය. පොලීසිය ප්‍රකාශ කළේ, ගිනිගත්හේන, පිටවල ප්‍රදේශයේ පුද්ගලයෙකු බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබුණු බව ය. ඒ අනුව, එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට සැකකරු පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.