CID විමර්ශන කඩිනම් කිරීමට කාර්ය සාධක බලකායක්

21 ප්‍රහාරය පිළිබඳ CID විමර්ශන කඩිනම් කිරීමට කාර්ය සාධක බලකායක් පත් කෙරේ

by Staff writer 23-02-2020 | 4:32 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ CID විමර්ශන කඩිනම් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කාර්ය සාධක බලකාය සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත වේ. බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඊට ඇතුළත් ය. එම කාර්ය සාධක බලකාය විසින් විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළ යුතුවේ.