'ශුබ් මංගල් ස්‍යාධා සාව්ධාන්' ට්‍රම්ප්ගේ පැසසුමට

'ශුබ් මංගල් ස්‍යාධා සාව්ධාන්' සිනමා නිර්මාණය ට්‍රම්ප්ගේ පැසසුමට

by Staff writer 23-02-2020 | 1:36 PM

COLOMBO ( News 1st ) - 'ශුබ් මංගල් ස්‍යාධා සාව්ධාන්' බොලිවුඩ් සිනමා නිර්මාණය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැසසුමට ලක්ව තිබේ.

සමලිංගික ප්‍රේම කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති එම චිත්‍රපටිය ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අයුශ්මාන් කුරානා ය. හිතේශ් කේවල්‍යා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ කේන්ද්‍රස්ථානයක් සනිටුහන් කළ බව සිනමා විචාරකයින් පෙන්වා දෙන්නේය.