විනය පරීක්ෂණ මේ සතියෙන් අවසන්

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහි විනය පරීක්ෂණ මේ සතිය තුළ අවසන්

by Staff writer 23-02-2020 | 7:40 AM

COLOMBO ( News 1st ) - පක්ෂ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහි විනය පරීක්ෂණ මේ සතිය තුළ අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඉන් අනතුරුව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එහි තීන්දු ලබා දීමට නියමිත බවයි. ඩිලාන් පෙරේරා, එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ගාමිණි විජිත් විජයමුණි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම විනය පරීක්ෂණ ක්‍රියාත්මක ය. මේ අතර පක්ෂයේ තීරණවලට එරෙහිව යමින් කටයුතු කළ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහි විනය පරීක්ෂණ ද කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ ය.