online අයැදුම් කිරීමේ ගැටලු 1911ට දන්වන්න

විභාගය සඳහා online අයැදුම් කිරීමේදී ඇතිවන ගැටලු 1911ට දන්වන්න - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 23-02-2020 | 10:44 AM

COLOMBO ( News 1st ) - උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා online ඔස්සේ අයැදුම් කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලීමක් සිටී.

අදාළ විභාග සඳහා online ඔස්සේ අයැදුම් කිරීමට හැකි මෘදුකාංගයක් මෙවර විභාග දෙපාර්තමේන්තුව හඳුන්වා දුන්නේ ය. එය භාවිත කරමින් උසස් පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව මේ වනවිට පවතින බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී.පූජිත මහතා සඳහන් කළේ, මෘදුකාංගය ආශ්‍රිතව හට ගන්නා ගැටලු 1911 දුරකථන අංකයට හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවට දැනුම් දෙන ලෙසයි.