'රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ'ට අයැදුම්පත් ලක්ෂ 03ක්

'රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ'ට අයැදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක්

by Staff writer 23-02-2020 | 7:56 AM

COLOMBO ( News 1st ) -  අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට මේ වනවිට අයැදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශක කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහු කාර්ය බලකායට මේ පිරිස බඳවා ගන්නා බවයි. ලබන 26,27,28 හා 29 යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙනු ඇති. ලේකම්වරයා සඳහන් කළේ, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා ඇති බවයි.