මොරටුවේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක්

මොරටුවේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක්

by Staff writer 23-02-2020 | 4:12 PM

COLOMBO (News 1st) - මොරටුව, විල්ලෝරාවත්ත, කිඳලන්දලුව ප්‍රදේශයේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක් හටගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 4 ක් පිටත් කර යවා ඇති බවයි. ඊට අමතරව දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සේවා රථයක් ද ගින්න නිවා දැමීම සඳහා යොදවා ඇත. ඉන් කිසිදු ජීවිත හානියක් සිදු ව නැත.