රිය අනතුරකින් මවක සහ පුතෙකු මරුට

මින්නේරියේදී බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මවක සහ පුතෙකු මරුට

by Staff writer 23-02-2020 | 7:43 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරියේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ බස් රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. මෝටර් රථයේ ගමන් කළ 52 හැවිරිදි කාන්තාවක් සහ 25 හැවිරිදි ඇයගේ පුත්‍රයා අනතුරින් මියගොස් තිබේ. තුවාල ලැබූ පියා හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.