මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් සේවා හෙට සිට

මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් සේවා හෙට සිට

by Staff writer 23-02-2020 | 4:38 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ බස් සේවා හෙට සිට ආරම්භ වේ.

ඒ අනුව, හම්බන්තොට සිට කොළඹට අය කෙරෙන අධිසුඛෝපබෝගී ලංගම බස් ගාස්තුව රුපියල් 880 කි. තංගල්ල සිට කොළඹට රුපියල් 680 ක් වන අතර හම්බන්තොට සිට මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 810 ක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය. තංගල්ල සිට මාකුඹුර දක්වා අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 610 කි. මෙම බස් සේවාවන් හෙට පෙරවරුවේ ආරම්භ වන්නේ තංගල්ල බස් නැවතුම්පොළේ සිටයි. දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.