පාසල් 124ක් ජාතික පාසල් ලෙස නම් කිරීමේ තීරණයක්

පාසල් 124ක් ජාතික පාසල් ලෙස නම් කිරීමේ තීරණයක්

by Staff writer 23-02-2020 | 9:17 PM

COLOMBO (News 1st) - මෙරට පාසල් 124 ක් ජාතික පාසල් ලෙස නම් කිරිමට තීරණය කර තිබේ.

ඒ, ජාතික පාසල් ලෙස නම් කළ යුතු පාසල් හඳුනා ගැනීමේ සමීක්ෂණයේ වාර්තාවට අනුවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසුවේ ඒ අනුව, අදාල පාසල් 124 තෝරාගෙන ඇත්තේ කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් බවයි. එම පාසල් ඉදිරි මාස කිහිපය තුළ ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය. මේ වනවිට මෙරට පිහිටි ජාතික පාසල් සංඛ්‍යාව 373 කි. මෙම පාසල් ජාතික පාසල් බවට පත් කිරිමත් සමග එම සංඛ්‍යාව 497 ක් දක්වා ඉහළ යනු ඇත.