දක්ෂිණ අධිවේගයේ කොටසක් අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට දක්වා කොටස අද ජනතා අයිතියට

by Staff writer 23-02-2020 | 7:49 AM

COLOMBO ( News 1st ) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට දක්වා වන කොටස අද ජනතා අයිතියට පත් කෙරේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා සඳහන් කළේ, මෙම කොටස කිලෝ මීටර් 56 ක දිගින් යුක්ත බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට හම්බන්තොට දක්වා වූ කොටසට වන සතුන් ඇතුළු වීම වැළැක්වීම සඳහා විශේෂ පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.