ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-02-2020 | 7:30 AM
දේශීය පුවත් 1.රුපියල් ලක්ෂ 60 ක හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට: හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් 4ක් සහ සැකකාරියන් දෙදෙනෙකු පිළියන්දල, දැල්තර ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 2.කොරියාවේ සිටින ලාංකිකයින් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි : දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ එරට වෙසෙන ලාංකිකයින්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 3.වියළි කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට පීඩා: සරුසාර පොළොන්නරුව, පුලස්තිපුර මේ වනවිට අව්වෙන් වියැළී ගොස් තිබෙන්නේ ගොවි ජනතාව අසරණ කරමිනි. වියළි කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 4. මන්ත්‍රී විජයදාස ලබන 28 වනදා ජනපති කොමිසම හමුවට : අප්‍රේල් 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ලබන 28 වනදා පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. විදෙස් පුවත් 1. FATF සංවිධානය ඉරානය අසාදු ලේඛනගත කරයි : ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉරානය අසාදු ලේඛනගත කර තිබේ. ක්‍රීඩා පුවත් 1. කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක තියුණු ජයක් ඊයේ වාර්තා කළේ ය.