4කට මරු කැඳවූ ඕමන්තේ බස් - ජීප් අනතුර

ඕමන්තේදී බස් රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් 4ක් මරුට: 20ක් තුවාලයි

by Staff writer 23-02-2020 | 9:54 PM

COLOMBO (News 1st) - වව්නියාව - යාපනය මාර්ගයේ, ඕමන්තේ ප්‍රදේශයේදී බස් රථයක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ තවත් 20 දෙනෙකු ඉන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. අනතුරින් පසු බස් රථය සහ ජීප් රථය සම්පූර්ණයෙන් ම ගිනිගෙන තිබේ. ඔහු සඳහන් කළේ සිද්ධිය විමර්ශය සඳහා එම ස්ථානයට අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හෙවත් සොකෝ පොලිස් කණ්ඩායම් පැමිණ ඇති බවයි.