by Staff writer 23-02-2020 | 4:02 PM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටස මීට ටික වේලාවකට පෙර විවෘත කෙරිණි.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
කිලෝමීටර් 56 ක දිගකින් සමන්විත එම මාර්ග කොටසට අයත්වන පිවිසුම් දොරටු ගණන 5 කි.
මෙම මාර්ගය විවෘත කිරීමත් සමග කොළඹ සිට පැය දෙක හමාරක් වැනි කාලයක් තුළ හම්බන්තොට නගරයට ගමන් කළ හැකි ය.