FATF සංවිධානය ඉරානය අසාදු ලේඛනගත කරයි

FATF සංවිධානය ඉරානය අසාදු ලේඛනගත කරයි

by Staff writer 22-02-2020 | 1:39 PM
COLOMBO (News 1st) : ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉරානය අසාදු ලේඛනගත කර තිබේ. ඒ පැරිසිය පදනම් කරගත් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය හෙවත් FATF සංවිධානය විසිනි. ත්‍රස්තවාදී මූල්‍ය සම්මුතීන් බලාත්මක කරන ලෙස වසර තුනක් තිස්සේ කරන ලද ඉල්ලිම් නොසලකා හැරිම හමුවේ මෙම පියවර ගත් බව එම සංවිධානය නිවේදනය කළේ ය. මේ සම්බ්නධයෙන් අදහස් පල කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කලේ ජාත්‍යන්තර සම්මතයන් අඛණ්ඩව පිළිපැදීමට අපොහොසත් වීම නිසා එහි ප්‍රතිවිපාකවලට ඉරනය මුහුණ දිය යුතු බවයි. කෙසේ වෙතත් FATF සංවිධානයේ මෙම තිරණයට එකග නොවන බව ඉරාන මහ බැංකුව නිවේදනය කළේ ය. මේ අතර ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ ප්‍රමිතීන්ට අනුකූලව නිසි ප්‍රගතියක් පෙන්නුම් නොකිරිම හේතුවෙන් පාකිස්ථානය තවදුරටත් අලු ලැයිස්තු ගත කිරිමට එම සංවිධානය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාකිස්තානය ලෂ්කර්-ඊ-තායිබා ජයිෂ්-ඊ-මොහොමඩ් සහ හිස්බුල් මුජාහිදීන් වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට අරමුදල් සැපයීම පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගැනිම මිට හේතු වි ඇති බවයි.